Colombo Today Local News

දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් කුකුළු මස් – බිත්තර අඩු කරන යෝජනාවක්

කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කාලගුණික හේතු නිසා මත්ස්‍ය කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.

Related posts

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin