Colombo Today Local News

බොදුබල ලිපියට ජනපති ඇස යයි.. මහබැංකුව ශරියාකරණය කරනවාද? ජනපති කාර්යාලය හොරාගෙ අම්මගෙන් පේන අහයි

bodu 235 bala

සෞදි අරාබියේ ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගෙන එහි කොන්දේසි ලෙස මූල්‍ය ක්ෂේත්‍රය ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණයට ශ්‍රී ලංකා මහ බැංකුවේ පවතින සූදානමක් පිළිබදව දන්වමින් බොදුබල සේනා සංවිධානය යොමු කළ ලිපියට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව අදාල ලිපියේ දැක්වෙන පරිදි සමාජයේ බෙදුම්වාදයක් ඇති කරණ ආගමික පදනම් සහිත බැංකුකරණයක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාතයංශය විසින් කටයුතු කර ඇත්දැයි එම අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම් රාෆික් මහතාගෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් යොමුකරමින් විමසීමක් කර ඇත.

ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී. කොඩිකාර මහතා විසින් ලිපියක් ලියමින් අදාළ විමසීම කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙසතියක් තුළ කරුණු දක්වන ලෙසද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම් රාෆික් මහතාට අදාළ ලිපියෙන් නියෝග කර තිබේ. එම ලිපිය පහත දැක්වේ.

 

උද්ගතව තිබෙන ආර්ථික අර්බුධයට පිළියමක් ලෙස සෞදි අරාබියේ ජාත්‍යන්තර ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ‍ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙන බවත්, මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් සෞදියේ සංචාරයක නිරතවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතිබවටත් මාධ්‍ය වාර්තා පලවිය. IDB ඉස්ලාමීය සංවර්ධන බැංකුව ඉස්ලාම් ආගමික ශරීයා නීතිය පදනම්කරගෙන මූල්‍ය කටයුතු සිදුකරන ආයතනයක් වන අතර එහි සියලු මෙහෙයුම් සිදුවනුයේ ශරීයා නීතිය පදනම්වයි. ශරීයා නීතිය පදනම්ව සිදුකරන මූල්‍ය කටයුතු වලදී ගනුදෙනුකාර පාර්ශව එම නීතියට අනුගත වීම එහි මූලධර්මයක් වන අතර මූල්‍ය ආයතනද ශරීයා නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවේ.

මෙම ණය මුදල ලබා ගැනීම සදහා කටයුතු කර තිබෙන්නේ ජනපතිවරයාවත් දැනුවත් නොකර හොර රහසේ අගමැතිවරයාගේ අනුදැනුම පරිදි මහ බැංකු අධිපතිවරයාගේ තනි අනුමැතිය සහිතවය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කර නොමැති බවද දැනගැනීමට ලැබී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගෙන් විමසීමේදී ඒ බව තහවුරු විය.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් උක්ත ලිපිය යොමුකර තිබෙන්නේ ජාතික ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශ ලේකම් එම් අයි එම් රාෆික් මහතා වෙතය. මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ ජාතිකත්වය පිළිබදව ප්‍රශ්න කිරීම එතරම් උචිත කරුණක් නොවුවද මින් පෙර බොහෝ අවස්ථාවලදී මුස්ලිම් ජාතික නිලධාරීන් විසින් තීන්දු තීරණ ගෙන තිබෙන්නේ තම ආගමික බැදියාව සහ ජාතිකත්වය ප්‍රමුඛත්වයෙහිලා සලකාගෙනය. එබැවින් ඉස්ලාම් ආගමික පදනම සහිත බැංකුකරණය ක්‍රියාත්මක කිරීමට සැළසුමක් ඇත්දැයි එවැනි නිලධාරීයෙකුගෙන් ඇසීම හොරාගේ අම්මගෙන් පේන ඇසුවා හා සමාන වීමට බොහෝ දුරට ඉඩ ඇත.

අප මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයෙන් විමසූ අතර එම සංවිධානය ප්‍රකාශ කර සිටියේ තම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබීම සාධනීය කරුණක් වන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියටත් අවධානයෙන් කටයුතු කරන බවත්ය.

අශේන් එස් සේනාරත්න

Related posts

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

colombotoday