World

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මංතීරු හතරකින් යුත් මෙම පාලම ඊයේ (04) සවස කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබේ.

පාලම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 1,700ක් වන අතර ඉදිවෙමින් පවතින විට කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවද සඳහන් කර තිබේ.

පාලම අසල සේවයේ නියුතු මුරකරුවෙකු අතුරුදහන් වී ඇති අතර, ඔහු සොයා ගැනීම සඳහා සහන නිලධාරීන් උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday

ශිෂ්‍යභට උපාධි ප්‍රදානෝත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සිරියාවේ 100ක් මරුට

Admin