Colombo Today Local News

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ 50ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 203, මිලි ග්‍රෑම් 170 ක් ජංගම දුරකථන 04 ක්, ඩිජිටල් තරාදියක්, ඇසුරුම් උපකරණ කට්ටලයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 34 වයසේ පසුවන (පානදුර චූටාන් සහ හිච්චා)යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් කැමැත්තාගේ සහ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බඩෝවිට නලින් නමැත්තා ගේ ගෝලයන් බවත්, ඔවුන්ගේ මත්කුඩු මෙම සැකකරුවන් මෙම මහල් නිවසේ සිට පැකට් කර මෝටර් රථයකින් අවට ප්‍රදේශ වෙත බෙදා හරින බවද බව ද විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

Related posts

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

colombotoday

හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලට

colombotoday

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday