Colombo Today Local News

වරෙන්තුකරුවකුගේ පිහි පහරින් පොලීසියේ දෙකක් රෝහලේ…

විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා දැදිගම ගුරුදෙනිය ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු එල්ල කළ පිහි ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ගුරුදෙණිය ප්‍රදේශයේ වෙල්යායක සිටින බවට ඊයේ (30) සවස පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු. සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබදා, ඔහගේ ඉනේ සඟවාගෙන සිටි පිහියකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර ඇත.

පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (55) හැවිරිදි බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිජීවකයක් සොයාගත් බව චීනය කියයි !

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday