Colombo Today Local News

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමඟ සොරා ගත් මෝටර් රථය, එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්,සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

වෛද්‍ය මධ්‍යස්ථානයේන් ඉකුත් 27 වැනි දින රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාම සඳහා නැවත මෝටර් රථයක් නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිළධාරියෙක් පවසයි.

Related posts

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

ස්ටාලින් නැවත පොලිසියට කැදවයි

colombotoday