පුත්තලමේ පාසලක විනය භාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුන් අද(26)දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනෙකු ද(26)දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ , ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පසුගිය බදාදා අදාල ගුරුවරයාගේ නිවසට සහ ගුරුවරයාට පහරදී තිබුණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 25 දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.