Colombo Today Local News

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා අදාළ නිවස තුළ තනිවම වාසය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගොස් ඇති පුද්ගලයාගේ දියණිය ඊයේ සිය පියා බැලීම සඳහා නිවසට පැමිණ ඇති අතර ගේට්ටුව සහ නිවස අගුළු දමා තිබීම හේතුවෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේදී මෙම මෘත ශරීරය හමුව ඇත.

අනතුරුව දියණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයාගේ දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් ගැටගසා තිබී ඇති බවද පොලීසිය පවසයි.

දැනට සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුකර ඇත බවට හෙළිවී තිබේ.

කඳාන පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Related posts

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

colombotoday