Colombo Today Local News

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර අද (25) පෙරවරුවේ නැවත ගොඩ ගැනීමට නියමිතව තිබේ.

ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මළ සිරුර අද(25)දින ගොඩ ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ශාෆ්ටර් මහතාගේ මළ සිරුර මිහිදන් කර ඇති බොරැල්ල කනත්තේ අදාළ ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් ආරක්ෂාව සපයා ඇත.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයයි.

ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබුණි.

Related posts

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

“අගමැතිට විරුද්ධ වෙන්න අපට බෑ” – විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය එස්.බී. කියයි

colombotoday