Colombo Today Local News

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19)දින අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන් සකස් කරන පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ(18) දිනයේදී නියෝග කර තිබුණි.

ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම් දී ඇත.

Related posts

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

colombotoday

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

colombotoday

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin

කිළිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රාථමික විද්‍යාලය අසලින් ආයුධ හා පුපුරණද්‍රව්‍ය හමුවේ.

colombotoday

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday