Colombo Today Local News

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

laxman yapa

ආයෝජන මණ්ඩලය සතු නිට්ටඹුව මල්වත්ත ආපනයන සැලසුම් කලාපයේ පවත්වාගෙන ගිය සීමාසහිත ස්ටර්ලින් ගෲප් ලංකා පුද්ගලික සමාගම වසා දැමීමේදී ඒ හා සම්බන්ධ රුපියල් 18,285,800ක මුදලක් නිදහස් කිරීම සඳහා එවකට සිටි ආයෝජනය විෂය භාර අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රුපියල් මිලියනයක අල්ලසක් ඉල්ලූ බවත්, ඒ අනුව එම මුදල චෙක්පතකින් ලබාදුන් බවත්, උක්ත සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ඩිල්ෂාන් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය වෙත ලිපියකින් දන්වා යවා ඇත.

මෙම ලිපියට අනුව ඩිල්ෂාන් ප්‍රනාන්දු මහතාගේ සමාගමෙන් රුපියල් මිලියනයක් වටිනා චෙක්පතක් නිකුත් කර ඇති අතර, නුගවෙල ගල්ලංගවත්ත රත්නතිලක නිවසේ පදිංචි, අංක 741382687V දරන ජාතික හැඳුනුම්පත හිමි, ආර්.එම්.ජේ.බී. රත්නායක නමැත්තා විසින් ගිණුම පැවති රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකු ශාඛාවෙන් අදාළ මුදල් ලබාගෙන තිබෙන බව තහවුරුව ඇත.

ආයෝජන මණ්ඩලයේ සේවකයකු ද වන ආර්.එම්.ජේ.බී. රත්නායක මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ඔහු ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ළඟ එකල සේවය කළ බවත්, ඇමැතිතුමා දුන් චෙක්පතක් මාරු කරගෙන විත් අදාළ මුදල ඇමැතිවරයාට දුන් බවත්ය.

මේ සම්බන්ධයෙන් එවකට සිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය හා වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් එවැනි චෙක්පතක් කිසිවකුට නොදුන් බවත්, රත්නායක නමැත්තෙකු නොහඳුනන බවත්ය.

කෙසේවුවද, ආයෝජන මණ්ඩල ආරංචිමාර්ග වලට අනුව ආර්.එම්.ජේ.බී. රත්නායක නම් අයකු 2013 වසරේදී ආයෝජන මණ්ඩලයේ සිට ඇති බවත්, ඔහු ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය අනුයුක්තව සිට ඇති බවයි.

-Srilankanmirror

Related posts

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

colombotoday

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

colombotoday

මැතිවරණ අල්ලස් දෙන්න ගිහින් අසාත් සාලි අතේ මාට්ටුයි ! (Video)

colombotoday