World

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබා දී තිබේ.

හිටපු අගමැතිවරයා ඊයේ(9) දින අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර්-පක්තුන්ක්වා යන පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන හමුදාව කැඳවා ඇත.

70 හැවිරිදි ඔහු 2018-22 අතර අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් අධිකරණයක් අධිචෝදනා ගොනු කර ඇති බව එරට පුවත් වාර්තා කරයි.

නිරිතදිග නගරයක් වන ක්වෙටා හි අවම වශයෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර පන්ජාබ් පළාතේ 1,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටපුරා විරොධතා පැවැත්වේ.

Related posts

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin