Colombo Today Local News

මෙරට ජනගහනයෙන් 25%කට විටමින් D ඌනතාවය

මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන් යොදා ගනිමින් දිවයින පුරා කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බව ත් මෙය තරමක අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය කියයි.

විටමින් D ඌනතාව අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරුඑළියට නිරාවරණය වීම වැදගත් නමුත් පවතින අධික හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බව ද ඇය ප්‍රකාශ කරයි.

මේ වන විට පවතින අධික හිරුඑළිය ඉතා උෂ්ණ අධික බවත් විටමින් D ඌනනතාවට හෝ විටමින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් බොහෝ කාලයක් හිරුඑළියට නිරාවරණය නොවිය යුතු බව ත් ඇය පවසයි.

දරුවන්, වැඩිහිටියන් සහ ගර්භණී මවුවරුන්ට පවතින විටමින් ඌනතාව පිළිබඳව අවධානය ලබා දීම වැදගත් බවත් මාස කිහිපයකට වරක් හෝ වෛද්‍යවරයෙකු මාර්ගයෙන් විටමින් ඌනතාව පිළිබඳව උපදෙස් ලබාගත යුතු බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කරයි.

Related posts

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

colombotoday

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

colombotoday