Colombo Today Local News

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශව වල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවය.

තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකරන බව ද සඳහන් කළේය.

එමෙන්ම නිදහසින් වසර සියයක් සපිරෙන 2048 වන විට, ඉන්දියාව 2047දීත්, චීනය 2049දීත් සපුරා ගැනීමට අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

2048 වසරේ දී ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර වන අතරම මේ රට ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට සහ දරුවන්ට බවත් මැයි දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday