Colombo Today Local News

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

නව මිල සංශෝධනය අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333 ක් ලෙසයි.

ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10 කින් අඩු කර තිබේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 325 සිට රුපියල් 310 ක් දක්වා පහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 135 කින් අඩුකර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 330 කි.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිල ගණන් සංශෝධනය කර නැහැ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කළේ ය.

Related posts

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

colombotoday

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

colombotoday