Colombo Today Local News

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව ද ඊට එකඟතාවය දක්වා ඇත.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී මේ එකඟතාවය පලකර තිබේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකඟතාවය පලකර තිබේ.

ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.

Related posts

“දෙවියන්ට හොදින් කන් ඇහෙනවා… ලවුඩ්ස්පීකර් හඩ අඩු කරන්න“ – විනිසුරු ඉලන්චේලියන්ගෙන් තීන්දුවක්

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday