Colombo Today Local NewsUncategorized

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය පවසයි.

එම පුද්ගලයා සමඟ විවිධ ආලේපන අඩංගු ලිටර් 5 ප්ලාස්ටික් කෑන් 30ක් යොදාගෙන තිබූ විවිධ ආලේපන වල නම සඳහන් හිස් ඇසුරුම් තොගයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රංජන මහතා කියයි.

විදේශ රටවලින් මෙරටට විවිධ සමාගම් මගින් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලද විවිධ ආලේපන වර්ග වලට සමාන ප්‍රමිතියෙන් තොර ව නිෂ්පාදනය කරන ලද ආලේපන නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන ජාවාරමක් මෙම වෙළඳසැල තුළ සිදුවන බවට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම කළ බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පවසයි.

එම වෙළඳසැල තුළ තිබී භාරයට ගත් ආලේපන වල ආසනික් ඊයම් හා බැර ප්‍රමිතිය ඉක්මවා අඩංගුව තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආලේපන වර්ග මිලදී ගැනීමේදී පිළිගත් වෙළඳසැලකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාව වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටි.

අත්අඩංගුවට ගත් සැකකරු බැඳුම් කරයක් මත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකය ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ යූ රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක, එස් යු පුංචිහේවා, හා ධනුක ගුණරත්න මහත්තුරුන් වැටලීම සිදු කර තිබේ.

Related posts

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

colombotoday

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin