Colombo Today Local News

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

දැනට වරාය තුළ වෙළෙඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිශ්කාෂනයේදී විශාල ප්‍රමාදයක් සිදු වන බව හඳුනාගෙන ඇති අතර එය වැළැක්වීමට මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ, මෙම ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 35ක් පමණ වැය වන බවත් මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි.

වරාය ඩිජිටල් සන්නිවේදන පද්ධති මෙම වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

Related posts

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි

colombotoday

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

colombotoday

උදයංග වීරතුංගට ඇප

colombotoday