Colombo Today Local News

IMF ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් පහසුකමේ සැකසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අද (18)දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් 2023 මාර්තු 22 වනදා මාස 48ක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළේය.

එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අනතුරුව නිදහස් කෙරිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් අදාළ මූල්‍ය පහසුකම සඳහා පොරොන්දු පත්‍රය ද නිකුත් කළේය.

එම අරමුදල් පහසුකම සහ අනෙකුත් අදාළ ලේඛන ද 2023 මාර්තු 22 වනදා පාර්ලාමේන්තුවේ සභාගත කළ අතර එම පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කර ගැනීමට සහ එම ණය පහසුකමට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති සම්පාදනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.

ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

Related posts

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් අපට සහය දෙන්න !! ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කපුගෙදරගෙන් සංවේදී ඉල්ලීමක් (Video)

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

ජනධිපතිතුමා ඉන්ද්‍රජාලිකයෙක් තමයි

Admin

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday