Colombo Today Local News

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්‍යතාව වන 30 වැනි ගල්අඟුරු නෞකාව මැයි මස 1 වැනිදා පුත්තලමට ළඟාවීමට නියමිත බවත් ලංකා ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පවසයි.

විදුලිබල මණ්ඩලයේ ජනන පුරෝකථනය අනුව මෙම වාරයේ ගල්අඟුරු අවශ්‍යතාව නෞකා 30ක් බවත් එහි 24 සිට 26 නෞකාව දක්වා පුත්තලමට සේන්දු වී ඇති අතර 27 සිට 29 නෞකා මැයි මස 1 වැනි දිනට ප්‍රථම පුත්තගමට ළඟා වීමට නියිමත බවත් එම නිලධාරියා කියයි.

ඒ අනුව ලක්විජය බලාගාරය මෙම වාරය වෙනුවෙන් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමට හැකිව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ලොකු ලූණු මිල ඉහලට

Admin

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin

කසිප්පු ලුවිස්, බංකර් හිල්ඩා, වැල්ලේ සුරංගගේ මාමා ඇතුළු කොළඹ පාතාලය මනෝ ගනේෂන්ගේ අපේක්ෂක ලයිස්තුවේ.

colombotoday

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday