Colombo Today Local News

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය ( court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.

Related posts

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday