Colombo Today Local News

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

කොළඹ ලිප්ටන් වටරවුමේදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අප්‍රේල් 03 වැනි දින පවත්වන ලද විරෝධතාවය විසුරුවා හැරීම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මානව හිම්කම් පනතේ 14 වැනි වගන්තියට අනුව ස්වයං මැදිහත්වීමකින් එම පරීක්ෂණයක් ආරම්භ කළ බව එම කොමිසම සඳහන් කරයි.

එසේම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළ වූ වාර්තා මත පදනම්ව එම පරීක්ෂණ සිදු කරන බවද සඳහන් වේ.

ඒ අනුව එම සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 10වන දිනට පෙර සිය කොමිෂන් සභාවට ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

Related posts

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

“ආර්ථික අපරාධකරුවන්ට දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැහැ”

Admin

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday