Colombo Today Local News

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි. වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබෙන බවද ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැදී සිටින බවද වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් වන බවද අමාත්‍යවරයා කියයි.

වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කර නැතැයි කී ඇමතිවරයා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කර අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියා ජනතාව තීරණය කළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා පවසයි.

රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු වලින් බවද ඒවා ඇතුලේ සාමුහික ගිවිසුම් ගසා පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

Related posts

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

Admin