Colombo Today Local News

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

තලෙයිමන්නාරම් මුහුදේදී රුපියල් මිලියන 67.5කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

තලෙයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කට අධික තොගයක් එලෙස සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබාගෙන පවතින බව නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday