Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31)දින සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති විරෝධයට අදට වසරක් සපිරීම නිමිති කරගෙනය.

ඒ අනුව, අද පස්වරුවේ පිරිස එහි පැමිණි විරෝධතාව ආරම්භ කර ඇති අතර පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගෙන ඇත.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.

එම අවස්ථාවේදී අරගලකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා පළවාහැරීමට පොලීසිය කටයුතු කර තිබේ.

පසුව අරගලකරුවන් එහිදී විරෝධතාවක නිරත විය.

Related posts

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

“දේශප්‍ර්මි මුහුණුවරකින් කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්” අලි සබ්‍රි ගැන ඉත්තෑකන්දේ හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

colombotoday

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday