Colombo Today Local News

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අයවිය යුතු බවයි.

ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බව ඔහු පවසයි.

ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන ද වෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී තිබේ.

පවතින තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධිකයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සදහන් කරයි.

Related posts

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

දේශීය සහලට, බාල රට සහල් කලවම් කර විකිණීමේ ජාවාරමක් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

ත්‍රිකුණාමලයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසාදමයි

colombotoday