Colombo Today Local News

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

ඒ අනුව, දිවයින පුරා ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කරයි.

එහිදී, දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පවසයි.

හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

colombotoday