Colombo Today Local News

ඇමති පුතාගේ මල්ල තර කර ගන්න ජාතික පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම තවමත් හොර පාරේ!

ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම සදහා අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ නිකුත් කර තිබුණද තවමත් හොරපාරෙන් ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කරමින් සිටන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

තම දරුවන් ජාතික පාසල් සදහා ඇතුලත් කර ගැනීම සදහා සාධාරණ අයිතියක් මේ රටේ දෙමාපියනට ඇති නමුත් එම අවස්ථාව නැතිකර දමමින් ඇමති පුතාලාගේ මල්ල තර කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටි.

එම නිවේදනය පහතින්,

ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම සදහා අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ නිකුත් කර තිබුණද තවමත් හොරපාරෙන් ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කරමින් සිටන බවට අප සංවිධානයට තොරතුරු වාර්තා වී ඇත. උද්ධමනය ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත්වන මෙම වකවානුවේ සාධාරණ ක්‍රමයකට ජාතික පාසැල් සදහා හෝ ළමයින් ඇතුලත් කර ගැනීමට කටයුතු කරාවියයි ජනතාව බලාපොරොත්තු වුවද සමාජයේ ධනවත් පුද්ගලයින්ගේ හා අමාත්‍යවරයාගේ හිතවතුන්ගේ ළමයින් ජාතික පාසල්තුලට ඇතුලත් කර ඇති බව අප විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.

අධ්‍යාපන ඇමතිවරයා ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම පිළිබදව දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී බණ දේශනා කලද සිදුවන්නේ වෙනත් දෙයක් බව නොදැනීම කණගාටුවට කරුණකි.මීට පෙරද මෙම අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිදට චෝදනා එල්ලවිය.

තම දරුවන් ජාතික පාසල් සදහා ඇතුලත් කර ගැනීම සදහා සාධාරණ අයිතියක් මේ රටේ දෙමාපියනට ඇති අතර එම අවස්ථාව නැතිකර දමමින් ඇමති පුතාලාගේ මල්ල තර කර ගැනීමට කටයුතු කිරීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

අනීතික ලෙස ජාතික පාසල් සදහා ඇතුලත් කර ඇති ළමයින් පිළිබදව හා ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීමට මුදල් ඉල්ලා සිටින හඩපට අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් අප විසින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියද ඔහු විසින් එම අවස්ථාව මගහරවන ලදී. ඒ අනුව අප සංවිධානය සැකකරනුයේ මෙම ජාවාරම පිටුපස ඇමති කාර්යය මණ්ඩලයද ඇති බවයි. කෙසේ වෙතත් අප අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සැකය පිළිබදව සාධාරණ පරීක්ෂණයක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

ජෙහාන් අප්පුහාමිට ඇප

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday