Colombo Today Local News

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 11ක පොලී රහිත ණය මුදලක් ලබාදීම යළි ඇරඹීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව, පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් සාකච්ඡා වට කිහිපයකින් පසු මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදී ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

STF අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

colombotoday