World

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

ඩොලර් මිලියන 895ක් පමණ වටිනාකමකින් යුත් කෲස් මිසයිල 220ක් පමණ ඕස්ට්‍රේලියාවට විකිණීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

යෝජිත විකිණීමට Tomahawk මිසයිල සහ තාක්ෂණික සහාය ඇතුළත් වන බවද විදෙස් මාධ්‍ය පවසයි.

Aukus ආරක්ෂක ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයෙන් ලබා ගන්නා සබ්මැරීන් සඳහා මෙම මිසයිල භාවිතා කරනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් පැවසුවේ මෙම මිසයිල “සැබවින්ම වැදගත් හැකියාවක්” සපයනු ඇති බවයි.

මෙම ගණුදෙනුව මගින් ඕස්ට්‍රේලියාව ආරක්‍ෂිතව තබා ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කරනු ලබයි.

Related posts

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

colombotoday

ඉස්ලාම් ආගමට අපහාසයක්ලු.”ඇස් ගහන කෙල්ලගේ” සිංදුව චිත‍්‍රපටයෙන් ඉවතට

colombotoday

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday