කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.
නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරලීයාමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව තිබේ.
අදාළ යාත්‍රාවල සිටි පුද්ගලයින්ගේ ජාතිකත්වය මෙතෙක් හදුනාගෙන නොමැති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශ සොදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.