Colombo Today Local News

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබේ.

පොලිස් ආරක්ෂාව ලෙස ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු හෝ 25 දෙනෙකු අවශ්‍ය බවයි දන්වා ඇත්තේ.

ඒ අනුව,රජයේ මුද්‍රණාලයට පොලිස් මුරපොලක් ද තාවකාලිකව ලබා දෙනු ඇති.

මේ අතර පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා ලැබීමට නියමිත රුපියල් මිලියන 500න් මේ වනවිටත් මුදලින් ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවද ඇය සඳහන් කරයි.

එසේම මේ වනවිටත් මුද්‍රණාලය විසින් මැතිවරණ පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් මිලියන 150කට අධික වියදමක් දරා තිබේ.

Related posts

ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයි

colombotoday

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

colombotoday

සර්ව බලධාරී දෙවියන් මැව්වේත් බොදු බල සේනා ද ? – බොදු බලය උලමාගෙන් අසයි

colombotoday

දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියට

Admin