Colombo Today Local News

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව, එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන් ය.

මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර තිබේ.

එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද එහි සඳහන්ය.

Related posts

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin