Colombo Today Local News

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ (07) දහවල් අදාළ ඝාතනය සිදුව තිබුණි.

මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාවෙ බැලීමට රෝහලට ගොස් සිටිය දී අදාළ ආරවුල ඇතිව තිබේ.

එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී තිබුණි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ, 26 හැවිරිදි අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි.

Related posts

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday