Colombo Today Local News

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදුවු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරු ට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ අතර සිටි බිලිඳා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, බමුණුගෙදර, කුරුණෑගල පදිංචිකරුවන් පිරිසකි.

Related posts

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

පාසල් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවට චීනයෙන් සහල්

colombotoday