Colombo Today Local News

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඊයේ(07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම නීතියට පටහැනි බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ මරණ දඬුවම ලැබූ අයෙකුට ජනාධිපති සමාව ලබා දුන් සෑම අවස්ථාවකදීම නීතිපති වාර්තාවක් කැඳවා ඇති බවත් මෙම අවස්ථාවේදී එසේ නොකිරීම නීතියට පටහැනි බවත්ය.

Related posts

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

පාසල් දැරියක් දියේ ගිලී මරුට

Admin

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

colombotoday