Colombo Today Local News

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කාලයක් තිස්සේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා යුද හමුදා නිලධාරින් සිව් දෙනකු ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ට හිසරදයක් වන ආකාරයෙන් රාත්‍රි කාලයේ සැරිසරමින් කලක් තිස්සේ ඉතා සංවිධානාත්මකව මෙම සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර මේ සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පිරිස් සහබාගී වී ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා නිලධාරින් සිව් දෙනා සමග නිට්ටඹුව ප්‍රදේශයේ දෙදෙනකුද සිටින බවත් ඔවුන් සියලුම දෙනා අද (31)දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දුලාන්ජන ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.

Related posts

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

Admin

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

නොදන්වා කැපූ විදුලිය හෙට සිට කාල සටහනකට කපයි…

colombotoday