Colombo Today Local News

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ‘තාරුණ්‍යට හෙටක්’ සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව දෙනු ලැබ ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවට නියෝගයේ සඳහන් කර තිබේ.

විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය නිදහස් කරන ලද සෙසු විත්තිකරුවෝ අතර වෙති.

ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

Related posts

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin