Colombo Today Local News

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ.

1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.

2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා මහත්මිය වැයකර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.

අනෝමා මහත්මිය ඊයේ (23) සවස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එතුමිය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ ඇත.

Related posts

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

“දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි..“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday