Colombo Today Local News

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් ඉල්ලයි

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම ජනතාවට පීඩා නොවන ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය නොවන ලෙසත් ක්‍රියා කරන මෙන් තම සංවිධානය සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව ය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරමින් සදහන් කර සිටින්නේ, සියලු දෙනා මෙම මැතිවරණය සාමකාමීව පවත්වා ගැනීමට සහය දක්වන ලෙසත්. රථ පෙළපාලි මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන ආකාරයේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වැදගත් බවයි.

Related posts

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday

තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යක්

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

ජොන්ස්ටන්ට ඇප

Admin

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday