Colombo Today Local News

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේදී නිවසේ සිටි කාන්තාවක පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටියදී පොලිසිය සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, ඊයේ (17) දින රාත්‍රී කාලයේදී නිවසක් ගිනි ගන්නා බවට ලැබුණු පණිවිඩයක් මත එම ස්ථානයට ගිය පොලිසිය ගින්න මැඩ පවත්වා නිවස පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 65ක් වන යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම තබා ඇත.

මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකින් ජෝන්ට මල පනී.. ඇගට කඩා පැන අමු සිංහලෙන් බැණවදී (Video)

colombotoday

කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය

Admin

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin

ගෑස් මිලත් ඉහල යයිද

Admin

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

colombotoday