28 C
Colombo
9 April 2025
Colombo Today Local News

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කරයි.

පානදුර ජනප්‍රිය මාවතේදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

එම පහරදීම මුල්කර ගනිමින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් පහරදීම සිදුකල බව කියන පුද්ගලයන් පදිංචි මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් සදහන් කරයි.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයිද සදහන් වේ.

මෝදරවිල මහල් නිවාස සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

Related posts

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday

මුස්ලිම් ඡන්ද නැතිව හැකිනම් ජනාධිපති වී පෙන්වනු – හිස්බුල්ලා අභියෝග කරයි

colombotoday

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday