මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11)දින කැඳවනු ලැබ සිටිති.
එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.