Colombo Today Sports News

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි.

රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත.

මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය.

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය වෙත පැමිණියේය.

සෞදි නීතියට අනුව විවාහ නොවූ යුවලකට එකම නිවසක වාසය කිරීම තහනම් වෙයි.

එසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නීතිය රොනාල්ඩෝ විසින් කඩ කළද ඔහුට සෞදි රජය විසින් දඬුවම් නොකරනු ඇති බවය.

2025 වසර දක්වා ඔහු අල් නසාර් ක්‍රීඩා සමාජය සමග මෙලෙස ගිවිසුම්ගතවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක වාර්ෂික වැටුපක් හිමිවන අතර එය පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවන වැඩිම වැටුපද වෙයි.

Related posts

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

ලංකා ප්‍රිමිය ලීග්: ගාල්ල පරදා මහනුවරට ජය. ධනුෂ්ක ගුණතිලකගෙන් සුපිරි ඉනිමක්.

colombotoday

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday