Colombo Today Local News

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (5)දින පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින පැවැත්වීමට නියමිතය.

එම රැස්වීමේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා උදේ 9:30 සිට උදේ 10:30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.

රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද හෙට දින පස්වරුවේ පැවැත්වේ.

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාවක් පිහිටුවීම සඳහා වන යෝජනාවද පාර්ලිමේන්තුවට හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

“අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අද

Admin

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday