Colombo Today Local News

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙකි.

දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති බව පොලීසිය පවසයි.

මේ වනවිට මව අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර 9 හැවිරිදි දියණිය ද අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

වස පානය කළ කාන්තාවගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් බවය.

කෙසේවෙතත් මේ වනවිට නාල්ල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

Admin

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday