Colombo Today Sports News

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ.

ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි.

ඒ අනුව අදාළ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොවන අතර, නරඹන්නන් සඳහා පමණක් විවෘත වෙයි.

එමෙන්ම මෙසීගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවන්ට උරුමයක් වනු ඇති අතර ලෝක කුසලානයේදී මෙසී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයන් පිළිබඳ සාක්ෂියක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කරන රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ද ලියොනෝල් මෙසී මෙවර සමත් විය.

මෙසී, ආර්ජන්ටිනාවේ මැරඩෝනාට පසුව ජනප්‍රියම ක්‍රීඩකයෙකු ලෙසින් ලෝකයේම පාපන්දු ක්‍රීඩා ලොලීන්ගේ ආදරය දිනා ගත් ක්‍රීඩකයෙකි.

2005 වසරේ 18 හැවිරිදි වියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට මෙසී සමත් විය.

මේ අතර ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස BBC ආයතනය මගින් ද නම් කර ති‌බේ.

වාර්ෂිකව මෙලෙස ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එලෙස නම් කරන අතර, මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ලියනොල් මෙසී ය.

35 හැවිරිදි වියේ පසුවන මෙසී අවස්ථා 7කදී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලන සම්මාන ද දිනාගෙන සිටී.

ලියෝනල් මෙසී යනු එතෙක් මෙතෙක් පාපන්දු පිටිය තුළ බිහි වූ විශිෂ්ට තරුවක් බව නොරහසකි.

Related posts

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

colombotoday

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

LPL අවසන් සටන අද

Admin

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

colombotoday