World

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

චීනයට පැමිණෙන සංචාරකයින් තවදුරටත් නිරෝධායනය කිරීම අවශ්‍ය නොවන බවට චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එළෙඹෙන වසරේ ජනවාරි 8 වන දා සිට සංචාරකයින් නිරෝධායන කිරීම අවසන් කරන බව චීනය සඳුදා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දැඩි කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ පියවරක් ලෙස චීනය මෙම තීරණය ගෙන ඇත.

2020 වසරේ මාර්තු මාසයේ සිට, චීනයට පැමිණෙන සංචාරකයින් නම් කරන ලද හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සිදු විය.

එය ඇතැම් සංචාරකයින් සඳහා දින 21ක් දක්වා දීර්ඝ කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.

වත්මන් ප්‍රතිපත්තියට අනුව, බලධාරීන් විසින් නියාමනය කරනු ලබන ස්ථානයක දින පහක් නිරෝධායනය වීම අවශ්‍ය වන අතර ඉන් පසුව දින තුනක් නිවසේ නිරෝධායනය විය යුතු ය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, ජනවාරි 8 වන දා සිට කොවිඩ් රෝගීන්ගේ අශ්‍රිතයින් සෙවීම ද නතර කරන බව ය.

ඒ අනුව, චීනයට පැමිණෙන සංචාරකයින් පැය 48ක් තුළ සිදු කළ කොරෝනා ආසාදිත නොවන බවට වන වාර්තාවක් පෙන්වීම පමණක් ප්‍රමාණවත් බව එම කොමිසම සඳහන් කර ඇත.

කොවිඩ් නීති ලිහිල් කළ ද මේ වන විට චීනය තුළ කොරෝනාවෛරස ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කර තිබුණේ, එරට රෝහල් රෝගීන්ගෙන් පිරී යන බව දක්නට ඇති බව ය.

Related posts

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

ඇමෙරිකාවේ වැරදුනු කුරුමානම. ඉරාන ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ අසාර්ථක මෙහෙයුම

colombotoday