World

ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්

ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක් නියමකර තිබේ.

ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ වගන්ති පනවා ඇති බවට පැරිස් වාණිජ අධිකරණය මගින් තීන්දු කිරීම හේතුවෙනි.

යුරෝපීය සංගමය මගින් යෝජනා කර ඇති ඩිජිටල් වෙළෙඳපොළ පනත මගින් එම වගන්ති වෙනස් කළ යුතු බව දක්වා ඇති බැවින් ඇපල් සමාගම එසේ වගන්ති වෙනස් කිරීම සුදුසු නොවන බව එම අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර මීට වසර කිහිපයකට පෙර අවස්ථාවකදීද ප්‍රංශයේ අධිකරණයක් විසින් ඇපල් සමාගමට යුරෝ බිලියන 1.1ක දඩයක් පනවා තිබුණි.

මිල පාලනය සම්බන්ධ කරුණකට අදාළව සිදුකළ දීර්ඝකාලීන විමර්ශනයකින් පසුව එම දඩ මුදල පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

Related posts

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ජර්මනියේ මියුනික් නුවරට ප්‍රහාරයක්.. ප්‍රහාරකයෝ කට්ටි පනිමින් නගරය පුරා වෙඩි තබයි

colombotoday

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Admin

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday