Colombo Today Local News

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් – අයදුම්පත් කැඳවීම අරඹ‍‍යි

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අයදුම්පත් කැඳවනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීමට නියමිතය.

සෑම අධීක්ෂණ කාරක සභාවක් සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකු පත් කර ගැනීමට අනුමැතිය ලැබී ඇත.

මේ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ට එම කාරක සභා විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක , වෘත්තීමය පළපුරුද්දක් සහ නිපුණතාවක් තිබිය යුතු බවත් අයදුම්කරුවන් අයදුම්පත් බාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතු බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කරයි.

අයදුම්පත් අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත්ද සමග 2023 ජනවාරි 09 දින හෝ ඊට පෙර ලැබෙන සේ “පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

Related posts

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

රාජකාරී වේලාවේදි පෞද්ගලික වෛද්‍ය සෙවෙයේ යෙදුණ වෛද්‍යවරු අල්ලයි

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

Admin